Related Posts with Thumbnails

Tuesday, December 22, 2009


පෝර්ටබල් මෘදුකාංග

මම හිතනවා මේකත් ඔයාලට බොහොම වැදගත් වෙයි කියලා.ඉස්සෙල්ලාම මම මේ ගැන පොඩිහැඳින්වීමක් කරන්නම්කෝ.මෙහෙමයි...මේ මෘදුකාංග අපි පරිගණකයට install කරන්න ඕන නෑ.අපිට තියෙන්නේ පෙන් ඩ්රයිව් වගේ පෝර්ටබල් ඩිවයිස් එකක මේ මෘදුකාංග දාගෙන ගිහිල්ලා නිකම්ම විවෘත කරන්න විතරයි.ඊට පස්සේ අර install කරන්න ඕන මෘදුකාංග තත්වයෙන්ම හොදට වැඩ කරන්න පුලුවන්.කිසිම අවුලක් නෑ...මේක ගොඩක් ප්රයෝජනවත් වෙන්නේ ඇඩ්මිනිස්ට්රේටර් අයිතිවාසිකම් නැති තැන් වල වැඩ කරද්දි.උදාහරන විදිහට ඉන්ටර්නෙට් කැෆේ, විශ්වවිද්යාල වගේ ගොඩක් ආයතන වලදි අපට මෘදුකාංග ස්ථාපිත කරන්න අවසර දෙන්නේ නෑ. වගේ වෙලාවට අපිට ඕන මෘදුකාංග පාවිච්චි කරන්න පුලුවන් උනොත් කොච්චර දෙයක්ද නේද? මෙන්න නියම විසඳුම.මම මෙතන දාලා තියෙන්නේ මෘදුකාංග කීපයක් විතරයි.තවත් මෘදුකාංග ඉස්සරහට දාන්න හිතගෙන ඉන්නේ.ඔයාලට මේ විදිහට පාවිච්චි කරන්න ඕන තවත් මෘදුකාංග එහෙම ඕන නම් මට කියන්න.මම උත්සහයක් දාලා බලන්නම්.

Yahoo Messenger Portable

Google Talk Portable


Firefox Portable

Skype Portable

වගේම මේ පිලිබඳව මාව දැනුවත් කරපු අයියට මේකේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන.

ප්රශ්ණ තියෙනවනම් Comments වල දාන්න.මම බලන්නම්.


No comments:

Post a Comment